Powered By Blogger

Monday, May 16, 2011

සංසාරයේ...............

එදත්,අදත්,
හෙටක් බලාපොරොත්තු වන,
කෘතග්ජන මනුෂ්‍යයා,
නොනවතින සසර ගමනේ,
පිටවන දොරටු වෙනුවට,

කැඩපත් මැදුරේ,
සේයාවේ අයිතිකරු සොයයි.

නොහැකි වූ තැන,
එයම දුක කරගත් ඔහු,
බලාපොරොත්තු සමග වැළලෙයි.

බුදු හිමියනි,

"ඔබ"
සොයා දුන් තිරිංගය යොදා,
"සංසාරයේ"
රථය නැවැත්වීමට අප තවමත්
පසුඹට වෙයි.





No comments:

Post a Comment