Powered By Blogger

Wednesday, May 4, 2011

අහිමි වූ මිතුදම.

                                       











ප්‍රසාද්!!!!

බිදදමා මිතුදම,
කදුල පමණක් ශේෂ කර,
මතකයන් අතර අප අතරමන් කර,
ගියා ඔබ අප තනිකර.

මද පවන ගත සිබින විට,
ඔබේ සුවද එහි දැනෙන විට,
කෙලෙස නම් ඉවසන්නද?
මල් කැකුලක වියෝව.

ඔබේ සිනහව,
ඔබේ කටහඩ,
මතක් වන විට ප්‍රසාද්,
අද,
ඔබේ කටහඩ,
ඔබේ සිනහව වෙනුවට,
කදුලු නදියක් අප හද සනසයි.

මිතුර,
ඔබ ලොව අත්හැර ගියත්,
ඔබේ මිතුදම,
ඔබේ මතකය,
ඔබත්,
අප හද තුල අමරණීයයි.



මම බ්ලොග් එක හැදුවේ මගේ  නිසදැස් ලියන්ඩ.මම පුදුම අවාසනාවන්ත දවසක තමා මේ වැඩේ පටන් ගෙන තියෙන්නේ.අපේ කොල්ලෙක් අපිව දාලා ගියා.ප්‍රසාද් අපිට ඉතුරු කරේ දුක විතරයි.

2 comments:

  1. මතු අත් බවයක මෙවන් අකල් මරණයක් හිමි නොවේවා
    කිසිදිනක නොදු‍ටු මිතුරෙකු වෙනුවෙන් පතමි නිවන් සුව..

    ReplyDelete
  2. අප සැම ඔබ හට පතන එකම පැතුම නම්,
    මතු භවයේදිත් ඔබ අපේම මිතුරෙක් සේ ඉපදේවා !!!!!!!!!!!!!!

    ReplyDelete