Powered By Blogger

Thursday, May 5, 2011

තරගය

සර්ව ගෝලීයත්වය තුළ,
නිවසින් බැහැරට එන මිනිසා,
ඇවිදිනු වෙනුවට,
දිවයති.

වෙල් එළියෙන් හමා එන මද පවන,
තෙහෙට්ටුව මකනු වෙනුවට,
යවටත්වය තවකෙකුගේ හදවත තුල 
මෝදු කරන්නට උත්සුක වෙති.

සංකල්පනාත්මක ලොවෙහි,
නිමග්න වන ඔහු,
අධියථාර්තීය දෑ මෙනෙහි කරති.

එලොවත් මෙලොවත්,
යා කරන්නට යන ඔහු,

තරගය තුල දිව යති.

....................................................................................................................................................................



මේක මම ලියුවේ හැමදාම මට හමුවෙන හැම මිනිහෙක්ම වෙනුවෙන්.

හරියටම කියුවොත් මෙන්න මේ වගේ මිනිස්සුන්ට

සල්ලි විතරක් ජීවිතය කර ගත්තු,
සතුට කියන්නෙ සල්ලි කියලා හිතා ගත්තු.
බල්ලෝ මරල හරි සල්ලි හොයනවා කියලා අධිෂ්ඨාන කර ගත්තු,
මිනිස්සුත් එක්ක ජීවත් වෙන අමනුස්ස සංහතියට.

3 comments:

  1. .නියමයි බං දිගටම ලියමු.....!

    ReplyDelete
  2. අති උත්කෘෂ්ටයි ! [උන්ඩුකපුච්චෙත් උලුක් උනා වගේ]

    ReplyDelete
  3. දෙන්නටම තැන්කූ ආ.........

    ReplyDelete