Powered By Blogger

Tuesday, May 17, 2011

All Feel It !!!!!!!!!!!!!!!!!!!!!!!!!

I heard it,
But I never see.

You ask them,
But you never tell them.

They ask you,
But they never tell you.

All Feel It,
But all fear it.

IF you like it,
Do it as you hope..


Monday, May 16, 2011

සංසාරයේ...............

එදත්,අදත්,
හෙටක් බලාපොරොත්තු වන,
කෘතග්ජන මනුෂ්‍යයා,
නොනවතින සසර ගමනේ,
පිටවන දොරටු වෙනුවට,

කැඩපත් මැදුරේ,
සේයාවේ අයිතිකරු සොයයි.

නොහැකි වූ තැන,
එයම දුක කරගත් ඔහු,
බලාපොරොත්තු සමග වැළලෙයි.

බුදු හිමියනි,

"ඔබ"
සොයා දුන් තිරිංගය යොදා,
"සංසාරයේ"
රථය නැවැත්වීමට අප තවමත්
පසුඹට වෙයි.





බැදි පවුර

කෙසේ වෙතත්,
කියන්නට යමක් ඇත,
නමුදු අවසර නැත.

බැදි පවුරෙන් එය මැඩලා ඇත.
නොදනී,
බැදි පවුරේ නිර්මාපකයා,

බොහෝ විට ඒ අපම වේ.



.

Friday, May 13, 2011

dream In The Last Night ...............

dreams are coming 
from our heart's core.
Meaning that they are always
in our heart.


See the things,
Which we like most.
See the people,
Whom we love most.
See the places,
Where we attract most.

I see you,
With the things which i like most,
In the place where i attract most,
Meaning,,,,,,,,,,,,,,,,,,,,,,




That YOU are always in my HEART.............. 

                                                     
                                                                                                                                   ...................................................................................................මේක මම ලියුවේ මගේ ජීවිතේ එදත් අදත් හෙටත් මම ආදරේ කරන මගේ ..................ට                               

උණු දියේ අරුමය.................

එය ජීවිතය කරවූ,
ජීවිතය එය කරවූ,
එයින් ධනපති වූ,
කාලකන්ණිකම සංකේතය වූ,
තිරිසන් ලෝකයේ නිර්මාතෘ වූ,
ඔවුන්.

දම් පදයක්ද බිද දමයි.

                                                              
          













..................................................................................................



දහස් ගානක් අහිංසක මිනිස්සුන්ගේ ජීවිත කාබාසිනියා කරලා දාලා,තමන්ගේ මඩිය තරකර ගන්න ඒ තිරිසන් මිනිස්සු ගැන මට තියෙන්නේ පුදුම තරහක්.
බල්ලෝ මරලා හරි සල්ලි හොයන්න යන මේ මිනිස්සු අහිංසක පවුල් වල නැති ප්‍රශ්න ඇති කරලා තමන්ගේ පවුලේ සතුට විතරක් ගැන හිතනවා.

මම මේ බනින්නේ අරක්කු බොන මිනිස්සුන්ට නෙවෙයි.
ඒවා බොන්න දෙන පෙජරෝ,ප්‍රාඩෝ වලින් යන එන ඒ තිරිසන්නුන්ට.

Sunday, May 8, 2011

චක්‍රය

අන්ධකාර රාත්‍රියේ,
ලෝකය නිදි යහනේ සැතපේ.
සිහින අතර අතරමං වූවන්,
තම ප්‍රියාදරයින් සමග ගැවසේ.

ස්වාමියාට අවනත වූ අප්‍රාණිකයෙක්
එය ඉටු කරයි.

6යේ කනිසමෙන් පිටවන ඔහු,
කොන්ක්‍රීට් වනාන්තරයට පියමනිමු.
සංකීර්ණයන් සමග ගැවසෙන ඔහු,
අසංකීර්ණයන් හට ලේබල් අලවමු.
හැපි හැපි නිවසට පැමිණි ඔහු,
අටේ කනිසම වදිත්ම සිහින අතර අතරමං වෙමු.
අප්‍රාණික නිවේදනයෙත් සමග වැඩ අරඹයි.

අවසානයේ,
ඉපැදි බැවින් ජීවත් වී,
මහ පොළව සිප ගනියි.
...................................................................................



"ජීවිතේ අපි හැමෝම මෙහෙම නේද" කියලා වෙලාවකට මට හිතෙනවා.සල්ලි හොයන්ඩ කොච්චර මේ මිනිස්සු මහන්සි වෙනවද?

ඒ හින්දා මම මේක අපි හැමෝගෙම පිට පැටෙවුවා.




Friday, May 6, 2011

සුලුතරය බුද්ධිමත්

ඇසින් බලා,
බුද්ධියෙන් විමසන වුන් සුලුතරයකි.
ඇසින් බලා,
සමාජයෙන් විමසන වුන් බහුතරයකි.
බහුතරය,සුලුතර චින්තනය වෙනස් කිරීමට උත්සහ ගනියි.
හසුනොවන්න.

පරපීඩා සාගරයේ නිර්මාතෘවරයා,
අනිකෙකු නොව,

සමාජය බැවින්.



Thursday, May 5, 2011

තරගය

සර්ව ගෝලීයත්වය තුළ,
නිවසින් බැහැරට එන මිනිසා,
ඇවිදිනු වෙනුවට,
දිවයති.

වෙල් එළියෙන් හමා එන මද පවන,
තෙහෙට්ටුව මකනු වෙනුවට,
යවටත්වය තවකෙකුගේ හදවත තුල 
මෝදු කරන්නට උත්සුක වෙති.

සංකල්පනාත්මක ලොවෙහි,
නිමග්න වන ඔහු,
අධියථාර්තීය දෑ මෙනෙහි කරති.

එලොවත් මෙලොවත්,
යා කරන්නට යන ඔහු,

තරගය තුල දිව යති.

....................................................................................................................................................................



මේක මම ලියුවේ හැමදාම මට හමුවෙන හැම මිනිහෙක්ම වෙනුවෙන්.

හරියටම කියුවොත් මෙන්න මේ වගේ මිනිස්සුන්ට

සල්ලි විතරක් ජීවිතය කර ගත්තු,
සතුට කියන්නෙ සල්ලි කියලා හිතා ගත්තු.
බල්ලෝ මරල හරි සල්ලි හොයනවා කියලා අධිෂ්ඨාන කර ගත්තු,
මිනිස්සුත් එක්ක ජීවත් වෙන අමනුස්ස සංහතියට.

Wednesday, May 4, 2011

අහිමි වූ මිතුදම.

                                       











ප්‍රසාද්!!!!

බිදදමා මිතුදම,
කදුල පමණක් ශේෂ කර,
මතකයන් අතර අප අතරමන් කර,
ගියා ඔබ අප තනිකර.

මද පවන ගත සිබින විට,
ඔබේ සුවද එහි දැනෙන විට,
කෙලෙස නම් ඉවසන්නද?
මල් කැකුලක වියෝව.

ඔබේ සිනහව,
ඔබේ කටහඩ,
මතක් වන විට ප්‍රසාද්,
අද,
ඔබේ කටහඩ,
ඔබේ සිනහව වෙනුවට,
කදුලු නදියක් අප හද සනසයි.

මිතුර,
ඔබ ලොව අත්හැර ගියත්,
ඔබේ මිතුදම,
ඔබේ මතකය,
ඔබත්,
අප හද තුල අමරණීයයි.



මම බ්ලොග් එක හැදුවේ මගේ  නිසදැස් ලියන්ඩ.මම පුදුම අවාසනාවන්ත දවසක තමා මේ වැඩේ පටන් ගෙන තියෙන්නේ.අපේ කොල්ලෙක් අපිව දාලා ගියා.ප්‍රසාද් අපිට ඉතුරු කරේ දුක විතරයි.

Monday, May 2, 2011

ආරාධනා !!!!!!!!!!!!!!!!!!!!!!!

මට බ්ලොග් සoස්කෘතියට එන්ඩ කියලා අද උදේ පාන්දරින්ම පොඩි ආරාධනා පත්තර කෑල්ලක් ආවා.
facebook එකේ මගේ මේස කෑල්ලෙ පොඩි පොටෝ කෑලි වගයක් දැම්මා.එකේ තිබ්බ මම ලියලා තිබ්බ නිසදැස් වගයක්[http://www.facebook.com/photo.php?fbid=223513880996908&set=a.223512777663685.80169.100000148922993&type=1&theater].ඔන්න ඔය නිසදැස් තොගේ[http://www.facebook.com/photo.php?fbid=223515164330113&set=a.223512777663685.80169.100000148922993&type=1&theater] දැක්ක අපේ බුවෙක් තමා කියුවේ"මචන් උඹ ඔය ලියපු නිසදැස් ටික බ්ලොග් එකක් ඕපන්[open] කරලා දාපන්"කියලා !!!!!!!!!!!!!
වැඩේ පොඩ්ඩක් හිතලා බැලුවහම වැඩේ හොදයි කියලා මට හිතුනා.මොකද මගේ feelings සේරම මම express කරන්නේ පෑනෙන්.
ඒ කියන්නේ මට දැන් පුලුවන් මගේ හැගීම් අනික් කස්ටියට කියන්න.
අද ඉදන් මට පුලුවන් හැම වෙලේකම මම ඔයාලාට කියවන්ඩ පොස්ට් දාන්නම්.