Powered By Blogger

Sunday, May 8, 2011

චක්‍රය

අන්ධකාර රාත්‍රියේ,
ලෝකය නිදි යහනේ සැතපේ.
සිහින අතර අතරමං වූවන්,
තම ප්‍රියාදරයින් සමග ගැවසේ.

ස්වාමියාට අවනත වූ අප්‍රාණිකයෙක්
එය ඉටු කරයි.

6යේ කනිසමෙන් පිටවන ඔහු,
කොන්ක්‍රීට් වනාන්තරයට පියමනිමු.
සංකීර්ණයන් සමග ගැවසෙන ඔහු,
අසංකීර්ණයන් හට ලේබල් අලවමු.
හැපි හැපි නිවසට පැමිණි ඔහු,
අටේ කනිසම වදිත්ම සිහින අතර අතරමං වෙමු.
අප්‍රාණික නිවේදනයෙත් සමග වැඩ අරඹයි.

අවසානයේ,
ඉපැදි බැවින් ජීවත් වී,
මහ පොළව සිප ගනියි.
...................................................................................



"ජීවිතේ අපි හැමෝම මෙහෙම නේද" කියලා වෙලාවකට මට හිතෙනවා.සල්ලි හොයන්ඩ කොච්චර මේ මිනිස්සු මහන්සි වෙනවද?

ඒ හින්දා මම මේක අපි හැමෝගෙම පිට පැටෙවුවා.




1 comment:

  1. නියම නිසඳැස.........
    දිගටම ලියපන් උබට ජය...!

    ReplyDelete